About Stamps Sri Lanka – Muddara.com

විනෝදාංශයක් ලෙස මුද්දර එකතු කිරීම ආරම්භ කරනු ලැබුවේ මා කුඩා අවදියේ සිටයි. අවලංගු කරන ලද මුද්දර විවිධ රජයේ ආයතන වල සේවය කරන හිතවතුන් මගින් සුළු වශයෙන් ලබා ගෙන ඒවා සුරක්ෂිතව රැස් කර ගත්තෙමි.ඒ සඳහා උපදෙස් ලබා ගැනීමට එදා අද මෙන් විශේෂිත පොත පත, අන්තර්ජාල පහසුකම් නොතිබුණි.
මා දන්නා පරිදි කදාන පිණිබිඳු මුද්දර සමාජයේ පුවත් පත් දැන්වීමක් නිසා මුද්දර එකතු කිරීමේ උපදෙස් ප්‍රථම වතාවට ලබා ගතිමි. එතැන් සිට මා උසස් අධ්‍යාපනය ලබන විට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු අය  මගින්ද මේ පිළිබඳ උපදෙස් ලබා ගතිමි.
මුද්දර එකතු කිරීම පිළිබඳව මා තුල ඇති දැඩි ආශාව හා කැපවීම හේතුවෙන්  මුද්දරයේ ඉතිහාසය, මුද්දර එකතු කිරීමේ ඇති ප්‍රයෝජන ඇතුළු බොහෝ තොරතුරු හා කරුණු පොත පත පරිශීලනය කිරීම තුලින් හා දත්ත සොයා යාම තුලින් මා ලබා ගත්තෙමි. විශේෂයෙන් සඳහන් කල යුත්තේ මුද්දර එකතු කරන්නෙකු තුල මේ කාර්ය සඳහා අනිවාර්යෙන්ම දැඩි කැපවීමක් තිබිය යුතුමය.ඒ සඳහා කාලය,මිලමුදල්, උපකරණ, මුද්දර රඳවා තබා ගැනිමට අවශ්‍ය පොත් ආදිය  පිළිබඳව විශේෂ අවධානයක් යොමු කල යුත්තේ ඔබ විසින් එකතු කරනු ලබන වටිනා මුද්දර ආරක්ෂා කර ගැනීමේ පියවරක් වශයෙනි.

Leave a Reply